Thursday, November 6, 2025

ඉතින් එහෙනම් අවසරයි !

ජීවත් වෙන්න හීනයක් තියෙන්නම ඕනෙද?
හීනයෙන් ඔබ්බට ජීවිතයක් නැද්ද?
තිබුනත් ඒක අපිට ගැලපේවිද? පිලිගනීවිද..

රමණය කරද්දී කොන්ඩම් දාන්න පුලුවන්..
ඒකේන් උපත් පාලනය කරන්න පුලුවන්
කොන්ඩම් නොදා රමණය කරන යම් සේද..
කලලය හටගෙන තැවෙන ඉපිලෙන යම් සේද..

ඔබට තෝරාගැන්මක් තිබුනද
සුඛයෙහී දුක වින්දට..
ඒහෙතු කොට ගෙන තැවුනට වින්දට
එය ඔබගේම පැවරුමක් බව..
අමතක නොකරන්න..

ලියන එක මගේ වැඩක්..
ඒ ලියන දේ උබලා කියෙව්වත් නැතත්
ආයේ ලියන එක මගේ වැඩක්...
විවේචනය මුසු විචිකිච්චාවෙන් පෙලෙමින්
නැවත අනුමත කරමින් කියවන එක උබේ වැඩක්...

මා දුටු මා ඇසූ මා විදී
ඒ ශ්‍රව්‍ය දෘශ්‍ය මානය තුල
උකහාගත් දෑ මටම ශක්‍ය අයුරින් 
බඩපිනුම් ගසමින් අතිශයෝක්තිය සමගින්
වචන කරණය අසීරුය අමිහිරිය...

එනමුත් මේ හිමිදිරිය මැද මා තවමත් කියන්නේ
ඒ මතකයන් අලිඛිතව අඛානයක් නොමැතිව 
ඉබාගාතේ වෛශ්‍රා වෘතියේ යොදනවාට වඩා..
යෙහෙකිය ලිවීම...

ආයෙත් කියමි..
කොන්ඩම් නොදා රමණය කරමින් හුදී ජනයාගේ
හිතෙහි ගැබුරුම තැනක 
අපට අහිමිව ගිය හෝ අප හිතාමතා අතහැර දැමූ
ඒ හෘද සාක්ෂිය නම් බිලිදා උදෙසා
ගැබ්ගැන්වීමයි මේ....

ඉතින් එහෙනම් අවසරයි !

ජීවත් වෙන්න හීනයක් තියෙන්නම ඕනෙද? හීනයෙන් ඔබ්බට ජීවිතයක් නැද්ද? තිබුනත් ඒක අපිට ගැලපේවිද? පිලිගනීවිද.. රමණය කරද්දී කොන්ඩම් දාන්න පුලුවන්.. ඒ...